ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාමේ විදුල ළමා ගුවන් විදුලිය

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාමේ විදුල ළමා ගුවන් විදුලිය හා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙහෙයවන දැහැමි පරපුරක් මතින් නිදහස් රටක් සම්මන්ත්‍රණ මාලාවේ 28 වන සම්මන්ත්‍රණය පොළොන්නරුව මණ්ඩලගිරි රජමහා විහාරස්ථානයේදී අද පෙරවරු 8 ට පැවැත්වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මතින් නිදහස් රටක් වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වේ. මණ්ඩලගිරි රජමහා විහාරස්ථානාධිපති පුජ්‍ය මොරගොල්ලාගම සීවලී ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාදක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා ප්‍රධාන දේශනය පවත්වයි. මෙම සම්මන්ත්‍රණය ඇසුරෙන් සකස් කල විශේෂ වැඩසටහන වෙසක් පුර පසලොස්වක පොහෝදා පස්වරු 2 ට සිංහල ස්වදේශිය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *