හොංකොං පාර්ලිමේන්තුවේ දී ඇතිවූ ගැටුම්වලින් මන්ත්‍රීවරු පිරිසක් රෝහල් ගත කෙරෙති

Share Button

හොංකොං පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් රෝහල්ගත කෙරෙති. සැකකරුවන් යලි චීනයට යැවීම සම්බන්ධයෙන් පැවති විවාදයකදී මෙම ගැටුම් හට ගැණින. පාර්ලිමේන්තු ගැලරියට විශේෂ ආරක්ෂාවක් යොදවා ප්‍රහාරවලදී තුවාල ලැබූ මන්ත්‍රීවරු රෝහල් ගත කරනු ලැබූහ. මිනිමැරුම් චෝදනා ලැබ රදවා තබාගෙන සිටින රැදවියන් සම්බන්ධයෙන් හොංකොං රජය වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව විවාදයේදී සාකච්ඡාවට ගැණින.
====
පකිස්ථානයේ සුඛෝපබෝගී හෝටලයකට නාදුනන තුවක්කුකරුවෙක් ප්‍රහාරයක් එල්ල කරයි. බැලෝකිස්ත්‍රන් ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයේ සේවකයෙක් වෙඩි ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්විය. රාමසාන් හේතුවෙන් හෝටලයේ කිසිදු සංචාරකයකු නවාතැන්ගෙන නොසිටි බව පකිස්ථාන බලධාරීහූ කියති. සේවක මණ්ඩලයේ තවත් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
====
තායිලන්තයේ සුප්‍රකට මයා බේ ප්‍රදේශය 2021 දක්වා සංචාරකයින් තහනම් කලාපයක් බවට පත් කෙරේ. සංචාරකයින්ගේ පැමිණිම වැඩිවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ස්වභාවික පරිසරයට දැඩි හානි පැමිණ තිබීම මීට හේතුව බව තායි බලධාරීහූ පවසති. මෙම ප්‍රදේශය චිත්‍රපට හා නාට්‍ය රූගත කිරීම් සදහාද බහුලව යොදා ගැනේ. ද බීච් චිත්‍රපටයේ සම්පුර්ණ රූගත කිරීම් මෙහි සිදුවිය. තාලියන්තයට අයත් පී පී ලේ දූපතේ මෙම වෙරලතීරය පිහිටා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *