දුම්පානය හේතුවෙන් සතියකට මෙරට පුද්ගලයන් 400 මිය යයි

Share Button

ශ්‍රී ලංකාවේ දුම්පානය හේතුවෙන් සතියකට පුද්ගලයන් 400 දෙනෙකු පමණ මියයන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔවුන්ගෙන් බහුතරය අඩු ආදායම්ලාභී පවුල්ව සාමාජිකයෝ වෙති.

වර්තමානයේ දුම් පානයෙන් මියයන සංඛ්‍යාව රිය අනතුරු සිය දිවි නසාගැනීම් හා ඒඩ්ස් රෝගයට ගොදුරුවීමෙන් මියයන පිරිසට වඩා වැඩි බව ඇමතිවරයා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමිනි. දුම්වැටි සදහා ලොව වැඩිම බදු අයකරන රට වන්නේ ශ්‍රී ලංකාවයි.

එය සියයට 95 ක් බව හෙතෙම කීවේය. දුම් පානයෙන් මියයන සහ රෝගීවන පුද්ගලයන් වෙනුවෙන් රුපියල් බිලියන 300 කට ආසන්න මුදලක් වාර්ෂිකව වැය කෙරේ. එහෙත් බදු මගින් වාර්ෂිකව ලැබෙන්නේ රුපියල් බිලියන 80 ක් වැනි ආදායමක් බව ඇමතිවරයා පැවසීය.

ආසියානු කලාපයේ දුම් පානය සහ දුම්කොල භාවිතය අඩුම රට ශ්‍රී ලංකාවයි. භූතානයේ දුම්පානය තහනම් වුවත් එරටට වඩා ශ්‍රී ලංකාවේ දුම්පානය ඉතා අඩු මට්ටමක පවතින බව මෙම අවස්ථාවට එක්වු දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසීය.

හෙක්ටයාර 2400 ක් වු මෙරට දුම්කොල වගා බිම් ප්‍රමාණය මේ වනවිට හෙක්ටයාර දෙදහසක් දක්වා අඩටුකර තිබේ. තව වසර කිහිපයකින් මෙම වගාව සම්පුර්ණයේනම නතර කළහැකි වෙතැයි වෛද්‍ය පාලිත අබේකෝන් මහතා විශ්වාසය පල කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *