එළඹෙන බදාදාට පෙර බඩඉරිගු සිටුවා අවසන් කරන්න

Share Button

එළඹෙන බදාදාට පෙර බඩඉරිගු සිටුවා අවසන් කරන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි. කඩින්කඩ වගා කිරීම සේනා දළඹු උවදුර පැතිරයාමට ඉඩ සැලසීමක් බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

නිර්දේශිත ක්‍රමවේද අනුගමනය කිරීම ද අවශ්‍ය වෙයි. ක්‍ෂණික දුරකථන අංක 1920 අමතා කෘෂි උපදේශන සේවාවෙන් අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගත හැකිය. ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හෝ ක්‍ෂේත්‍ර සහකාර නිලධාරින් හමුවීමෙන් ද උපදෙස් ලබාගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *