ජ්‍යෙෂ්ඨ ක්‍රිඩක-ක්‍රිඩිකාවන් 3888 දෙනෙකු ක්‍රිඩා පුහුණුකරුවන් ලෙස පාසල්වලට

Share Button

ජාත්‍යන්තර ජාතික හා පළාත් මට්ටමින් ඉහල ජයග්‍රහණ අත්කරගත් ජ්‍යෙෂ්ඨ ක්‍රිඩක-ක්‍රිඩිකාවෝ 3888 දෙනෙක් ක්‍රිඩා පුහුණුකරුවන් ලෙස පාසල්වල සේවයට එක්කර ගැනෙති. ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ සිදුවිය.

ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ද එම අවස්ථාවට එක්විය. ජාත්‍යන්තර. සමස්ත ලංකා හා පළාත් තරගවලදී ප්‍රථම. දෙවන හා තුන්වන ස්ථාන හිමි කර ගනිමින් දක්ෂතා දැක්වු ක්‍රිඩක-ක්‍රිඩිකාවන් විධිමත් ප්‍රායෝගික හා සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ඒ සදහා තෝරා ගෙන තිබේ.

ඔවුන්ට තවදුරටත් නේවාසික පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කරයි. එම පුහුණුවෙන් පසුව ඔවුන් දිවයිනපුරා පාසල්වලට ක්‍රිඩා පුහුණු කටයුතු සදහා යෙදවීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *