පිලිපීනයේ පළාත් පාලන. නගර සභා සහ ජාතික මැතිවරණය අදයි

Share Button

පිලිපීනයේ පළාත් පාලන. නගර සභා සහ ජාතික මැතිවරණය අදයි. මෙම මැතිවරණය ජනාධිපති රුද්‍රිගෝ ඩුටරටේ මහතාගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් ලෙස මැතිවරණ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඔහු මේ වන විට සිය ධුරයේ දිවුරුම් දී වසර තුනක් ගත වී තිබේ. මෙම මැතිවරණයේ දී ජනාධිපතිවරයාට සෙනට් මණ්ඩලයේ බහුතරය හිමි වුවහොත් ව්‍යවස්ථාවට වෙනස්කම් ගෙන ඒමට ඔහුට අවස්ථාව උදා වේ. එමගින් මරණ දඩුවම ස්ථාපිත කිරීමට ද හැකි වනු ඇත. මෙම මැතිවරණ සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට එරට මිලියන 61 ක ජනතාවක් සුදුසුකම් ලබා සිටිති. දුපත් හත්දහසකට අධික සංඛ්‍යාවක ඡන්ද විමසීම පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *