එල්ටීටීඊ ය තවත් වසර 05 කට ඉන්දියාවේ තහනම්

Share Button

ඉන්දිය රජය එල්ටිටීඊ සංවිධානය නිති විරෝධි සංවිධානයක් ලෙස තවත් වසර 05 ක කාලයක් සදහා ප්‍රකාශයට පත් කර තිබෙ. 2014 වසරේ පනවා තිබු එම තහනම ප්‍රතිශෝධනය කිරිමෙන් පසු ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍යංශය මේ බව නිවේදනය කළේය.  අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ එල්ටීටීඊ සංවිධානය අඛණ්ඩව දැඩි ඉන්දිය විරෝ්ධි පිළිවෙතක කටයුතු කරමින් සිටින බවයි. එමෙන්ම ඉන්දිය ජාතිකයින්ගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් දිගටම මෙම සංවිධානයෙන් එල්ල වෙයි එල්ටිටිඊ සංවිධානයේ පරාජයේ වගකිම ඉන්දිය රජය මත පටවමින් ශ්‍රි ලාංකික දෙමළ ප්‍රජාව තුළ ඉන්දිය විරෝධි හැගිම් ඇතිකිරිම සදහා අන්තර්ජාලය ඔස්සේ ලිපි පළ කරමින් ඩයස්පෝරාව අඛණ්ඩව ක්‍රියා කරන බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. මෙවැනි ප්‍රකාශ නිසා ඉන්දියාවේ ප්‍රභූ ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ල වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *