ඔස්ට්‍රේලියාවේ රැකවරණ ඉල්ලු ලංකික දෙමළ පවුලේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

Share Button

ඔස්ට්‍රේලියාවේ රැකවරණ ලබාගැනිම සදහා උත්සාහයක යෙදි සිටි ශ්‍රි ලාංකික දෙමළ පවුලකගේ අභියාචනයක් කුවින්ස්ලන්ත මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මව.පියා සහ කුඩා දියණියන් දෙදෙනෙකුගෙන් සමන්විත එම පවුල පසුගිය මාර්තු මාසයේ සිට මෙල්බර්න් හි සංක්‍රමණිකයන් රදවන ස්ථානයක රැදි සිටිති. ඔවුන්ගේ පවුල අය එල්ටිටිඊය හා සම්බන්ධකම් පවත්වාගෙන ගෙනයන බැවින් ආපසු ශ්‍රි ලංකාවට පැමිණියහොත් දඩුවම් විදිමට සිදුවිය හැකි බවට ඔව්හු සිය නඩුවේදි ප්‍රකාශ කළහ . එහෙත් ඔස්ට්‍රේලියානු බලධාරිහු එය නොපිළිගත්හ. ඊට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනය මෙල්බර්න් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කෙරිණ. නදීෂ් සහ ප්‍රියා නැමැති මෙම යුවළ 2012 දී සහ 2013 දී බෝට්ටු මගින් වෙනමම ඔස්ට්‍රේලියාවට ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *