කොටබෝව අලුත්වෙල ලිපි බෙදා දීමේ ගැටළුවක්

Share Button

මැදගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටි කොටබෝව අලුත්වෙල ගමේ ලිපි බෙදා දීමේ ගැටළුවක් පවතින බව එම ප්‍රදේශ වාසිහූ පවසති.

මැදගම ප්‍රධාන තැපැල් කාර්යාලයට කොටබෝව, ගොඩිගමුව, අලුත්වෙල යන ගම්මාන වලට ලිපි බෙදා දිමේ වගකීම පැවරී තිබේ.

ඔවුන් එම කාර්යභාරය සිදු කිරීමේ දී තම බල ප්‍රදේශ වලට අයත් නිවෙස් වල ලිපි එම අයිති කරුවන්ට ලබා නොදී අසල වෙළද සැලක තබා යන බව ජනතාව වැඩිදුරටත් සදහන් කරති.

මෙම ගැටලුව හේතුවෙන් තම ලිපි නියමිත කලට නොලැබෙන බවත්, එහිදී තමන් ගේ අත්‍යාවශ්‍ය කාරණා වලට ලැබෙන ලිපි ප්‍රමාද වී ලැබෙන බවත් ඔවුන් පවසති

මේ සදහා ස්ථිර විසදුමක් අදාල ගම්වල ජනතාව බලාපොරොත්තු වේ.

ඌව පළාත් නියෝජ්‍ය තැපැල් අධිකාරීතුමනි මේ ඔබගේ අවධානය පිණිසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *