ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජය කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි කණ්ඩායමෙන් යෝජනා මාලාවක්

Share Button

ජාතීන් හා ආගම් අතර මිත්‍රත්ත්වය වර්ධනය කරගනිමින් ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජයකිරිම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි කණඩායම යෝජනා මාලාවක් සම්පාදනය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. එම යෝජනා මාලාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මලිත් ජයතිලක මහතාට භාරදෙන බව ඔහ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රවෘත්ති සාකචඡාවකදී කිවේය. ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීමට සහ ජාතික ආරකෂාව තහවුරු කිරීමට අදාල නීති රීති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම කඩිනම් කලයුතු යැයි ද ඔහු කියයි. ජාති ආගම් ලෙස බෙදී ඇති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමට නීිති සකස්විය යුතුය.

මෙම යෝජනා මාලාව පිළිබඳව හෙට සිට සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවිර මහතා කීවේය. ත්‍රස්තවාදය. අන්තවාදය පරාජය කිරීමට විවිධ දේශපාලන අරමුණු පසෙකලා සැවොම එක්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *