ශ්‍රි ලංකාවෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඕනෑම සහායක් – චින ජනපති

Share Button

ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට දියහැකි සෑම සහයක්ම ලබාදෙන බවට චීන ජනාධිපති ෂී ජිං පින් මහතා ප්‍රතිඥා දෙයි. චීනයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවු අවස්ථාවේ ඔහු එම ප්‍රතිඥාව දුන්නේය. චීන ජනාධිපති මන්දිරයේදී ඊයේ පස්වරුවේ එම නායක හමුව සිදුවිය.

ශ්‍රි ලංකාවේ මතුවී ඇති හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව රුපියල් කෝටි 260 ක මුල්‍ය පරිත්‍යාග ලබාදිමට ද චීන රජය ඉදිරිපත් සිටි. ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150 ක් වටිනා ජීප් රථ 100 ක් හා තවත් පහසුකම් වහාම ලබාදිමට චීන ජනාධිපතිවරයා එකවිය. දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගිතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිමද රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදුවෙයි.

ද්විපාර්ශවික සාකච්ඡා අතරතුරදී චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ලොව කොතැනක වුවද මිලේච්ඡ ත්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙලා දකින බවයි. අප්‍රේල් 21වැනිදා ශ්‍රි ලංකාවේ සිදුවු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බලවත් අප්‍රසාදය පළ කළ චීන ජනාධිපතිවරයා ඉන් අසිරුතාවට පත් සියලු ශ්‍රි ලාංකීකයන් වෙනුවෙන් සිය කණගාටුව පළ කළේය.

ත්‍රස්ත අභියෝගය ජයගනිමින් යළි නැගී සිටින ශ්‍රි ලංකාව සමග චීන රජය නිරතුරු අත්වැල් බැදගෙන සිටින බව චින ජනාධිපතිවරයා අවධාරණය කලේය. අප්‍රේල් 21 සිද්ධිය හා ඒ සම්බන්යෙන් ගත් ක්‍රියාමාර්ග මෙන්ම ශ්‍රි ලංකාවේ නව ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව ද ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළේය.

දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතාව වර්ධනය කරගැනිම හා බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුඑල් කරගැනිම කෙරෙහි ද එහිදි අවධානය යොමුවිය. ත්‍රස්තවාදය මැඩලීමේදී මෙන්ම අන්තර්ජාල හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සැගව සිට ත්‍රස්තවාදය වපුරන පුද්ගලයන් හඳුනාගැනිමටත්. එම අපරාධ වලක්වා ගැනිමට.ත් අවශ්‍ය තාක්ෂණික උපකරණ හා දැනුම ශ්‍රි ලංකාවට අවශ්‍ය බව ජනාධිපතිතුමා එහිදි පැවසීය.

එම උපකරණ හා තාක්ෂණය ශ්‍රි ලංකාවට කඩිනමින් ලබාදිමට චීන ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය. ඒ පිළිබඳව සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රි ලංකාවට එවන බව ද ඔහු සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *