යටිතල පහසුකම් දියුණුවට පෞද්ගලික අංශය පෙරමුණට

Share Button

උපදේශක ඉංජිනේරුවන්ගේ ජාත්‍යන්තර ආයතනයේ ආසියා ෆැසිෆික් කලාපයේ වාර්ෂික සමුළුව අද (25) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. මෙවර තේමාව “ආසියා පැසිෆික් කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමයි.”

ඒ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන දායක කර ගැනීම සහ ඉදිකිරීම් පිළිබඳ සාමාජික රටවල් සමඟ අත්දැකීම් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු වන බව එම ආයතනයයේ ශ්‍රී ලංකා සංවිධායක කමිටුවේ සභාපති ආචාර්ය කමල් ලක්සිරි මහතා ප්‍රකාශ කළා.
ප්‍රධාන ආරාධිතයා වු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ මෙවන් ව්‍යාපෘති මඟින් ආර්ථික දියුණුව සහ සමෘද්ධිය ඇති කර සමාජ සාධාරණත්වය සහ තිරසාර සංවර්ධනයට පසුබිම නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *