පාසල්වලට දරුවන්ගේ පැමිණීමේ වර්ධනයක්.

Share Button

පාසල්වල ආරක්‍ෂාව සහතික කර ඇතැයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය. එබැවින් කටකතා සහ අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී දරුවන්ව අධ්‍යාපන කටයුතු සදහා පාසල් වෙත යොමුකරන්නැයි ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

අද දිනයේදී ඌව පළාතේ පාසල්වලට දරුවන්ගේ පැමිණීම සියයට 70 ක් පමණ වාර්තා වී ඇත. කොළඹ ප්‍රධාන පෙලේ පාසල් හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල සිසුන්ගේ පැමිණීමද යහපත් මට්ටමක තිබෙන බව ඇමතිවරයා කීවේය.

මේ අතර කොළඹ අගරදගුරු පදවි මගින් පාලනය කෙරෙන කතෝලික පෞද්ගලික පාසල් විවෘත කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් සකස් කෙරෙන ආරක්‍ෂක වැඩපිළීවෙලකින් අනතුරුව සිදුකරන බව එම පාසල් සාමාන්‍යාධිකාරී අයිවන් පෙරේරා පියතුමා ජාතික ගුවන් විදුලියට පැවසීය.

නැගෙනහිර පළාතේ පාසල් සිසුන්ගේ පැමිණීම සියයට 40 කට වඩා වැඩි බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ එම්. ටී. ඒ. නිෂාම් මහතා පවසයි. ප්‍රදේශයේ සියඵ පාසල් සදහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. උතුරු පළාතේ සිසුන්ගේ පැමිණිම සියයට 70 කට ආසන්න මට්ටමේ පවතින බව එම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ උදය කුමාර් මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *