සියඵ අන්තවාදීන් මුලිනුපුටා දැමිය යුතුයි – ජාතික භීක්‍ෂු පෙරමුණ

Share Button

සියඵ අන්තවාදීන් මුලිනුපුටා දැමිය යුතුයැයි ජාතික භීක්‍ෂු පෙරමුණ අවධාරණය කරයි. ඒ සදහා පාට පක්‍ෂ . ආගම්. ජාති භේද බාධාවක් කරගතයුතු නොවේ. අන්තවාදින් සමග අහිංසාවාදී මානවවාදී සාමකාමී ජනතාවට ජීවත්විය නොහැක.

බිද වැටී ඇති ජනජීවිතය වහා යථා තත්ත්වයට පත් කළයුතුව ඇතැයි එම පෙරමුණේ ලේකම් පුජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමින් වහන්සේ පවසති. මහජන ආරක්‍ෂාවද තහවුරු කළයුතුය.

නිතිය ක්‍රියාවට නැගිය යුත්තන් හැර සෙසු අයට නීතිය අතට ගැනීමට ඉඩ අහුරා දැමිය යුතුයැයි එම පෙරමුණ කියා සිටී. 83 කඵජුලියෙන් පසු ඇති වු තිස් අවුරුදු යුද්ධය නිමාකොට දස වසරක් ගතවන විට ජාතිවාදී යුද්ධයකට රට ඇදදැමීමේ පාපකාරී උවමනාවක් නැවත ක්‍රියාවට නැගෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එහි පිටුපස ඇත්තේ බලලොභී දේශපාලනය බව වටහා ගතයුතුයැයි උන්වහන්සේ කියති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *