ඇතැම් පුද්ගලයන් රට අකර්මන්‍ය කිරීමේ උත්සාහයක – කථානායක

Share Button

ඇතැම් පුද්ගලයන් රට අකර්මන්‍ය කිරීමට දරණ උත්සාහය පරාජය කළයුතුව ඇතැයි කථානායක කරු ජයසුරිය මහතා පවසයි. සියඵ ජනතාව මේ අවස්ථාවේදී දේශපාලන භේදයකින් තොරව අත්වැල් බැදගත යුතුය. රට සන්සුන්කිරීමට සහ ආරක්‍ෂා කිරීමට ජනාධිපතිතුමාට . අගමැතිවරයාට විපක්‍ෂ නායකවරයාට විශාල වගකීමක් පැවරී ඇතැයි ජයසුරිය මහතා කියයි.

මෙම සිද්ධීය සම්බන්ධයෙන් හා අනාගතයේදී මෙවැනි දෙයක් නොවීමට කරුණු සොයා බැලීම සදහා පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ජනාධිපතිතුමාට යෝජනා කරන බවද ජයසුරිය මහතා කීවේය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර කාරක සභාව සමග සාකච්ඡා කොට එකගතාවයකට පැමිණිය හැකිය.

වෙසක් උත්සවය කිසිදු අඩුපාඩුවකින් තොරව පැවැත්වීම සම්බන්ධයෙන් ජයසුරිය මහතා ත්‍රෛනිකායක මහනායක ස්වාමින් වහන්සේ සමග සාකච්ඡා කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *