පසුගිය දිනවල ප්‍රචණ්ඩකාරී සිදුවිම් පිලිබද සමීක්‍ෂණයක්

Share Button

පසුගිය දිනවල ප්‍රචණ්ඩකාරී සිදුවිම් වාර්තා වු ප්‍රදේශ ආශ්‍රීතව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සමීක්‍ෂණයක් පවත්වා තිබේ. එහිදී එම ජනතාව සදහන් කර ඇත්තේ තමන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට පරිසරයක් උදාකර දෙන ලෙසයි.

එම ජනතාවගේ අදහස් ආශ්‍රයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසන් සභාව බලාපොරොත්තු වන බව එහි සභාපති ආචාර්ය දිපිකා උඩුගම මහත්මිය පවසයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට සහභාගීවෙමින් ඇය මේ බව කීවාය.

නීතීය ඉටුවීමේදී දේශපාලන ඇගිලිගැසීම්වලින් තොරව එය සිදුවිය යුතුය. අවදානම් ප්‍රදේශවලට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව රැකවරණය ලබාදීම වැදගත්වේ.

ලෝකයේ සියඵම රටවල මෙවැනි බිහිසුණු සිදුවීම් ඇතිවී තිබේ. රට අගාධයකට නොයවා නිර්භීතව නැගී සිටිමට ජාති ආගම් දේශපාලන භේදයකින් තොරව අධිෂ්ඨාන කරගතයුතුයැයි ඇය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *