ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වු පුද්ගලයන්ට නිසි පියවර ගන්නා ලෙස අගමැතිගෙන් පොලිසියට නියෝග

Share Button

ඉකුත් දිනවල ඇති වු ප්‍රචණ්ඩකාරි සිදුවීම් මේ වනවිට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම මත සම්පුර්ණයෙන් පාලනය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

එම තත්වයන් ඇති කළ අවස්ථාවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 14 දෙනෙකු අතරින් 9 දෙනෙකු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

සෙසු අය අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වයඹ පළාතේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වු සහ ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් අතරින් 9 දෙනෙකු හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 27 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම ප්‍රදේශයේදී පුද්ගලයන් 60 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පණත යටතේ චෝදනා ගොනුකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිසියට නියෝග කර තිබේ.

මෙම සිද්ධී සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කන්ඩායම් දෙකක් කොළඹින් පිටත්කර යැවිමට වැඩබලන පොලිස්පතිවරයා ක්‍රියාකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *