මැයි 20 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Share Button

මැයි 20 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස රජය නිවේදනය කරයි. වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය සහ ඊට පසුදින සෙනසුරාදා සහ ඉරිදා යෙදි ඇති බැවින් මෙම තීරණයට එලඹුනු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත මෙම තීරණයට එලඹ තිබේ.

වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් මැයි මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා සියලුම සුරාසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙම කාලය තුළ මත්පැන් අලෙවි කරන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා 1200 කට අධික නිලධාරින් පිරිසක් යොදවා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *