අන්තවාදය තුරන් කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයෙන් කමිටුවක්

Share Button

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තේරි පත්වන ජාතික ප්‍රතිශතය සියයට 12 ක සීමාව දක්වා ඉහල දැමිමට යෝජනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ජාති හා ආගම් මුල් කර ගනිමින් දේශපාලන පක්ෂ බිහිවීම වැළැක්වීම එහි ප්‍රමුඛ අරමුණ බව විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු කීවේය. රටේ වත්මන් තත්ත්වය හමුවේ දේශපාලන මතවාද පසෙකලා ජාතියක් හා රටක් ලෙස සිතා සියලු දෙනා කටයුතු කළ යුතු බව ඔහු පැවසීය. මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහාය දක්වන බවයි. අන්තවාදය තුරන් කිරීම ඇතුඵ ක්‍රියා පාලනය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කමිටුවක් පත්කර තිබේ. හිංසාකාරි ක්‍රියා නතර කිරීමට පියවර ගත යුතුය. එසේ නොවුනහොත් විදේශ අත පෙවීම්වලට මගපැදෙන බව මන්ත්‍රිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *