ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධික්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට

Share Button

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධික්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කෙරේ. වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව එය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මෙතෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ පැවතින. මේ අතර. කුලියාපිටිය කොට්ඨාශ භාර නිලධාරි තනතුරේ සේවය කළ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතා කඵතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත.

නුගේගොඩ කොට්ඨාශයේ සේවය කළ පොලිස් අධිකාරි එල්. එස්. සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාශය භාර නිලධාරි ලෙස පත්කර තිබේ. ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ සේවය කළ පොලිස් අධිකාරි ඩබ්ලිව්. එම්. ඒ . ආර්. ප්‍රනාන්දු මහතා නුගේගොඩ කොට්ඨාශය භාර නිලධාරි ලෙස ස්ථාන මාරුකර ඇත. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත මෙම ස්ථාන මාරුවීම් සිදුකළ බව පොලිස් මුලස්ථානය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *