ත්‍රස්තවාදය ලොවින් තුරන් කිරීමට සියලු රාජ්‍යයන් මිත්‍රශිලිව කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා චීනයේදී පවසයි

Share Button

ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරීමට සියලු රාජ්‍යයන් මිත්‍රශිලිව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. චීනයේ බිජිං නුවර පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාර පිළිබඳ ජාත්‍යන්තර සමුඵව අමතමින් එතුමා පැවසුවේ ශිෂ්ටාචාරයක් තවත් ශිෂ්ටාචාරයකින් යටත්පත් කළ නොහැකි බවයි.

ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය එකිනෙකට බැදි පවති. ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරය ගොඩනැගි ඇත්තේ වසර 2600 කට අධික බෞද්ධ සංස්කෘතියකට අනන්‍යවු පදනමක සිටය. සිංහල. දෙමළ . මුස්ලිම්. මැලේ සහ බර්ගර් යන ජනකොටස් ශ්‍රී ලංකාව තුළ ජීවත් වන අතර ඔවුන් තුළ සහජීවන ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බවද ජනාධිපතිතුමා කීවේය. ආසියානු ශිෂ්ටාචාරය පිළිබඳ ජාත්‍යන්තර සමුඵව ජාත්‍යන්තර ත්‍රස්තවාදයත්. ආගමික අන්තවාදි ත්‍රස්තවාදයත් පරාජය කිරීම සදහා ශක්තියක් කරගත යුතු බව ජනාධිපතිතුමා සමුඵවේදී අවධාරණය කළේය.

කිසිදු රටකට හෝ ජාතියකට තර්ජනයක් නොවන ලෙස නිදහසේ හා සාමකාමිව කටයුතු කරන රටක් වන ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයට හා සංස්කෘතියට නොපෙනන බලවේගවලින් එල්ලවන අභියෝගවලදී සෑම විටම සියලු පාර්ශ්ව එකාවන්ව අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාවය ද එතුමා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *