අද රාත්‍රි 7.00 සිට හෙට අලුයම 4.00 දක්වා වයඹට සහ ගම්පහට පොලිස් ඇදිරි නීතිය.

Share Button

අද රාත්‍රි 7.00 සිට හෙට පෙරවරු 4.00 දක්වා වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට ඇදිරි නීතිය පනවා ඇතැයි පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. ඒ අනුව ගම්පහ. මිනුවන්ගොඩ. දොම්පේ. ගනේමුල්ල. කිරිදිවැල. මල්වතුහිරිපිටිය. මීරිගම. නිට්ටඹුව. පුගොඩ. වේයන්ගොඩ. වීරගුල. වැලිවේරිය. පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි. එම ප්‍රදේශවල සාමය පවත්වාගෙන යාම සදහා මෙම පියවර ගත් බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *