රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්පත් විහාරයේදී.-රණවිරු සැමරුම ලබන ඉරිදා

Share Button

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හෙට සහ අනිද්දා තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. හෙට පස්වරුවේ පැවැත්වෙන ජාතික උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඇතුඵ මැති ඇමතිවරු පිරිසක් සහභාගී වෙති. අනිද්දා පැවැත්වෙන ආගමික වතාවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දර තුනක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මේ අතර ආබාධිත සහ දිවිපිදූ රණ විරුවන් සිහි කෙරෙන රණවිරු උත්සවය ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දියවන්නා රණවිරු ස්මාරකය අබියසදී ලබන ඉරිදා පස්වරු තුනට පැවැත්වේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *