2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ලබන 31 වැනිදා සිට

Share Button

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ලබන 31 වැනිදා සිට ලබන මස 30 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි ශ්‍රීි ලංකා පාසල් රග්බි සම්මේලනය කියයි. කොළඹ සුගතදාස ක්‍රිීඩාංගණයේදී හා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වේ. එම තරගාවලිය කලින් පැවැත්වීමට සැලසුම් කර තිබුණද රටේ පැවති තත්ත්වය හමුවේ එය කල් දැමිණි. කෙසේ වෙතත් තරගාවලිය පැවැත්වීමට අධ්‍යාපන . ක්‍රීඩා හා ආරක්ෂක අමාත්‍යංශවලින් අනුමැතිය ලැබී ඇතැයි ශ්‍රීී ලංකා පාසල් රග්බි සම්මේලනය කියයි. කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන බ්‍රුඩිබි කුසලාන රග්බි තරගාවලිය ද පැවැත්වීමට දින නියම කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *