චීනයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපතිතුමා යලි දිවයිනට

Share Button

චීනයේ දෙදින නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද අලුයම දිවයිනට ළගා විය. ශ්‍රිී ලංකාවේ ජාතික ආරක්ෂාවට හා සංවර්ධනයට අදාල සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් රටට ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීම සංචාරයේ අරමුණ විය. සංචාරය අතරතුර එතුමා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමග පැවැත්වු නිල සාකච්ඡාවේදී ශ්‍රීී ලංකාවෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවට චින ජනාධිපතිවරයා සහතික විය. ශ්‍රීී ලංකාවේ මතුවු හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු සදහා රුපියල් කෝටි 250 ක මුල්‍ය පරිත්‍යාගයක් ද චීන රජය ලබා දුන්නේය. සිය සංචාරයේදී ජනාධිපතිතුමා චින අගමැති ලී ක්වැන්ග් මහතා සමග ද සාකච්ඡා පැවැත්විය. ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී චිනය ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටින බව චීන අගමැතිවරයා ද සදහන් කළේය. බීජිං නගරයේදී ආරම්භ වු ආසියානු ශිෂ්ටාචාර පිළිබද ජාත්‍යන්තර සමුඵව ද ජනාධිපතිතුමා ඇමතීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *