පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් ප්‍රබල සැකකරුවෙකු අත්අඩංගුවට

Share Button

අද දිනයේ දිවයිනේ කිසිඳු ප්‍රදේශයකට ඇඳිරිනීතිය පැනවීමක් සිදුනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. රටේ බහුතර ජනතාවගේ යහපත උදෙසා එම තිරණය ගත් බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදි කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වු බවට සැලකෙන ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් රිස්වාන් නමැති සැකකරු වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවෙක. සැකකරු සතුව තිබී විදෙස් ගමන් බලපත්‍ර කිහිපයක් ද සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි බලකායට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය සැකකරුවෙකු වෙතොත් ළගම පිහිටි පොලිසියට හෝ අධිකරණයට භාරවිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. අත්අඩංගුවට ගැනෙන සැකකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනේ.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *