ජාතික ආරක්ෂාව ජාතික න්‍යාය පත්‍රයේ පෙරමුණේ තබා ක්‍රියාකළ යුතු බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි

Share Button

ජාතික ආරක්ෂාව ජාතික න්‍යාය පත්‍රයේ පෙරමුණේ තබා ක්‍රියාකළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජාතික ආරක්ෂාව විනාශ වු විට රැකීමට ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ මානව අයිතිවාසිකම් නොමැති බව ඔහු පැවසුවේ අම්පාර උහන මාහකන්ඩිය ප්‍රදේශයේ ඉදිකළ දිගාවැව්පුර උදාගම්මානය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට අද එක්වෙමිනි. නිවාස 27 කින් සමන්විත එය සැමට සෙවණ පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 187 වැනි ආදර්ශ ගම්මානය මෙයයි. ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 234 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *