එල්ලවී ඇති අභියෝගවලට බෞද්ධ රටක් ලෙස මුහුණ දීම සදහා සියලුදෙනාගේ සමගිය හා එකමුතුකම අවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Share Button

ශ්‍රි ලංකාවාසි බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පුජාවට මුල්තැන දෙමින් සම්බුදු තෙමගුල සැමරිීමට සුදානම් වෙති. හෙට වෙසක් පුරපසලොස්වක දිනයේදි ශිල සමාදානය. ධර්මදේශනා. බෝධිපුජා. දාන පිරිනැමීම. ගිලානුපස්ථානය වැනි පුණ්‍යාක්‍රියා සංවිධානය කෙරේ. මේ වන විටත් වෙහෙර විහාරස්ථාන සහ ගොඩනැගිලි . නිවාස ආදිය බෞද්ධ කොඩිවලින් සරසා තිබේ. වෙසක් පහන් කුඩු දැල්වීම සහ පහන් පුජා වැනි පිංකම් ද හෙට පවත්වනු ලැබේ.
රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය අද පස්වරුවේ හික්කඩුව තෙල්වත්ත තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී මහාසංඝරත්නය. ජනාධිපතිතුමා. මැතිඇමතිවරුන් සහ ගිහි සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහිදි අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ. එල්ල වී ඇති අභියෝගවලට බෞද්ධ රටක් ලෙස මුහුණ දීම සදහා සියලු දෙනාගේ සමගිය සහ එකමුතුකම අවශ්‍ය බවයි. බුදුදහමේ දර්ශනය තුළ සාමානාත්මතාව. සමාජ සාධාරණත්වය හා දයාව පෙන්වා දිී ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *