ඔස්ට්‍රෙිලියානු මහ මැතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම ඇරඹේ.

Share Button

ඔස්ට්‍රෙිලියානු මහ මැතිවරණයේ ඡන්දය පාවිච්චි කිරීම මීට පැය කිහිපයකට පෙර ආරම්භ විය. ගෙවුනු දශකයේ දේශපාලන අර්බුද කිහිපයක් පැවති එරටේහි එම කාලය තුළදී අගමැතිවරයෙකු තෝරා ගන්නා සිව්වන අවස්ථාව මෙයයි. කන්සර්වේටිව් පක්ෂයෙන් වත්මන් අගමැති ස්කොට් මොරිසන් මහතා ඉදිරිපත්වී ඇති අතර. කම්කරු පක්ෂයෙන් බිල් ෂෝට්න් මහතා අගමැති ධුරය සදහා තරග වදි. මිලියන 16 කට වැඩි ජනතාවක් ඡන්දය පාවිච්චි කිරීම සදහා සුදුසුකම් ලබා සිටිති. මේ අතර. ඉන්දිය මහ මැතිවරණයේ 07 වන අදියර හෙට පැවැත්වේ. පන්ජාබ්. උත්තර් ප්‍රදේස්. බටහිර බෙංගාලය. බිහාර් සහ මධ්‍ය ප්‍රදේස් හිමාචල් ප්‍රදේස් . ජාකන්ඩ් සහ චන්දිගාර් ප්‍රදේශවල ඡන්දය විමසිම මෙහිදී සිදු කිරීමට නියමිතිය. මෙය එරට මැතිවරණයේ අවසන් අදියර වන අතර මැතිවරණ රැලි පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *