සිරකරුවන් 762 දෙනෙකුට අද නිදහස.

Share Button

වෙසක් පොහෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකුට නිදහස ලබාදීම අද සිදු කෙරේ. එම රාජ්‍ය උත්සවය අද පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතැතුමාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධානගාරයේදී සිදු කෙරේ. සුඵ වැරදි සදහා බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ට මෙලෙස නිදහස හිමි වෙයි. මින් 26 දෙනෙක් සිරකාරියෝ වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ සිරකරුවන් සදහා මෙලෙස ජනාධිපති පොදු සමාව පිරිනැමේ. බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් පිරිසක් එකවර නිදහස් කරන ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *