ජාති ආගම් ලෙස බෙදි නොසිට එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බව අගමැති වෙසක්දින පණිවිඩයෙන් පෙන්වා දෙයි.

Share Button

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙත් කරුණා ගුණ පෙරදැරිව අදහම දහමින්ම පිටුදක්නා මගට ප්‍රවේශව රටට ස්ථිරසාර අභිවෘද්ධියක් හා නිරුපද්‍රිත දේශයක් බවට පත්කිරීමට මේ වෙසක් සමයේ අදිටන් කර ගනිමු යැයි එතුමා ප්‍රාර්ථනා කරයි.
බුදුහමේ උත්තරිතර වටිනාකම් මත පදනම්ව ප්‍රතිපත්ති පුජාවෙන් සමාජ නවෝදයක් උදෙසා ක්‍රියාකිරීමට මෙම වෙසක් සමයේ එක්සත්ව ක්‍රියාකිරීම අතිශය වැදගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය වෙසක් දින පණිවිඩයෙන් සදහන් කරයි. මෙවර වෙසෙක් පුන්පොහෝ දිනය එලඹෙන්නේ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයක් නිසා ශ්‍රී ලංකා සමාජය කැලඹිමට. බියට හා වේදනාවට පත්ව සිටින අවිනිශ්චිත අවස්ථාවකය. එබැවින් ජාති ආගම් වශයෙන් බෙදී වෙන්වී විනාශය වැළඳ ගැනීම වෙනුවට එකීනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මිනිසුන් ලෙස සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *