රටට ස්ථිරසාර අභිවෘද්ධියක් හා නිරුපද්‍රිත දේශයක් උදාකිරීමට මෙම වෙසක් සමයේදී අදිටන් කරගනිමු යැයි ජනාධිපතිතුමා වෙසක් දින පණිවිඩයෙන් කියා සිටි.

Share Button

බලය පිණිස එකීනෙකා වනසා ගැනීම ඉක්මවු අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැගීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය අද වැනි දිනක යලි මෙනෙහි කිරීම වැදගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි. භිතිය. අන්තරාය විරහිත අන්‍යෙන්‍ය විශ්වාසය සහිත මෛත්‍රි සහගත සමාජයක උදාව පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සංසිදේ යන සදාතන සත්‍ය කෙරෙහි අප යලි යලිත් සිත් පිහිටුවාලීමට ක්‍රියා කළ යුතු යැයි එතුමා සදහන් කරයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙත් කරුණා ගුණ පෙරදැරිව අදහම දහමින්ම පිටුදක්නා මගට ප්‍රවේශව රටට ස්ථිරසාර අභිවෘද්ධියක් හා නිරුපද්‍රිත දේශයක් බවට පත්කිරීමට මේ වෙසක් සමයේ අදිටන් කර ගනිමු යැයි එතුමා ප්‍රාර්ථනා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *