වෙසක් පුරපසළොස්වක පොහොය අදයි. – රටපුරා පිංකම්

Share Button

සිද්ධාර්ථ කුමාරොත්පත්තිය බුද්ධත්වයට පත්වීම සහ බුද්ධ පරිනිවාරණය සිදුවු වෙසක් පුරපසළොස්වක පොහෝය අදයි. බෝසතාණන් සුමේධ තව්සන්ව සිටියදී අනාගතයේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වන බවට දිීපංකර බුදුන් වහන්සේගෙන් ප්‍රථමවරට නියත විවරණ ලද්දේ අද වැනි පොහෝ දිනකය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව පලමුවරට කිඹුල්වත්පුරයට වැඩම කර ශාඛ්‍යයන්ගේ මානය බිදීමට යමාමහා පෙලහර දැක්වුයේද වෙසක් පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනය සිදු වුයේ අද වැනි පොහෝ දිනකය. මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයකට අනුව බුද්ධත්වයෙන් 08 වැනි වර්ෂයේදී 500 ක් ස්වාමින් වහන්සේ සමග උන්වහන්සේ වෙසක් පොහෝ දිනක කැළණියට වැඩම කළහ. සමන් දෙවිදුන්ගේ ඇරයුමකට අනුව සමනල කඳුමුදුනේ උන්වහන්සේගේ ශ්‍රීපාද ලාංජනය පිහිට වුයේද එම ගමනේදීය. එහිදී දිවාගුහාව . දීඝවාපිය ඇතුඵ ස්ථාන 12 කට බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව ඉතිහාසයේ දැක්වේ. බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක ධුරය දැරු ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේගේ අපවත්වීම සිදු වුයේද වෙසක් පොහෝ දිනකයි. මහා වංශය සදහන් කරන ආකාරයට ලාටා රට සිංහපුරයේ සිංහබාහු රජුගේ පුත් විජය කුමරු 500 ක් පිරිස සමග ලංකාවට පැමිණියේද අද වැනි පොහෝ දිනකය. දුටුගැමුණු රජු අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය ඉදිකිරීම සදහා මුල්ගල තැබුවේ ද අද වැනි පොහෝ දිනකය. දිවයිනපුරා වෙහෙර විහාරස්ථානයන් හි අද විවිධ පිංකම් පැවැත්වේ. කොළඹ වාලුකාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත් සිංහල ස්වදේශිය සේවය ඔස්සේ සජිවිව ප්‍රචාරය කිරීමට ජාතික ගුවන් විදුලිය විධිවිධාන යොදා තිබේ. රාත්‍රි 9.30 සිට අලුයම 4.15 දක්වා සර්වරාත්‍රික පිරිත් දේශනයකි. මෙවර ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *