ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් හිටපු අගමැතිවරයාට විශිෂ්ට ජයක්

Share Button

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් එරට පාලන පක්ෂයට ජය හිමිවෙයි. ඒ අනුව මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය නියෝජනය කරන අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල් සන්ධානයට අනපේක්ෂිත ජයක් හිමිව ඇති බවයි. නමුත් පූර්ව ජනමත විමසුම් ප්‍රතිපල පෙන්වා දී තිබුනේ ප්‍රතිවාදී කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් අත්කර ගන්නා බවයි. ප්‍රතිවාදී කම්කරු පක්ෂයේ නායක බිල් ෂෝටේන් පරාජය පිලිගනිමින් විශේෂ ප්‍රකාශයක්ද සිදුකර ඇත. පාලක සන්ධානයේ පසුගිය කාලයේ පැවති මතභේදකාරී තත්ත්වය හේතුවෙන් දශකයක් පුරා අගමැතිවරු සිව් දෙනෙකු අතට බලය මාරු වීම විශේෂත්වයයි.
====
කැනඩාවට පනවා ඇති ලෝහ සහ ඇලුමිනියක් බදු ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කරයි. උතුරු ඇමරිකානු වෙලද ගිවිසුම යටතේ මෙම බදු කප්පාදුව සිදු කෙරේ. කැනඩා ලෝහ සදහා ඇමරිකාව සියයට විසි පහක බද්දක් පනවා තිබූ අතර කැනඩා ඇලුමිනියම් ඇමරිකාවට ගෙන ඒමේදී සියයට දහයක බද්දකට යටත් වීමට සිදුව තිබිණ. මෙම බදු ඉවත් කිරීම කැනඩාවට වාසි සහගත තත්ත්වයක් බව ඇමරිකානු රජය කියයි.
====
හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාර සුපිරි හොලිවුඩ් නඵ ආනෝල්ඩ් ස්වාසනේගර් දකුණු අප්‍රිකාවේදී අනපේක්ෂිත ප්‍රහාරයකට ලක්වෙයි. මේ වන විට හැත්තෑ එක් වන වියේ පසුවන ස්වාසනේගර්ට ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුවී නොමැත. විශේෂ ක්‍රිඩා ඉසව්වකට සහභාගී සිටින අතරවාරයේදී සමරු සටහන් තබමින් සිටි හිටපු ආණ්ඩුකාරවරයාගේ පිටුපසින් පැමිණි තරුණයෙකු ඔහුට දැඩි පා පහරක් එල්ල කරන ආකාරය වීඩියෝ පටයේ දැක්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *