ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය වඩාත් පුඑල් කිරීමට නව නීති

Share Button

වයස අවුරුදු 18 සම්පුර්ණ වු වහාම ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම සදහා වන නව නීති සකස් කෙරේ. ඊට අදාළ නිති කෙටුම්පත ලගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා පවසයි.

1980 අංක 44 දරණ ඡන්දහිමි ලියාපදිංචි පනතට සංශෝධනයක් ලෙස නව නිතිය ඇතුලත් කෙරෙනු ඇත. දැනට පවතින නීතිය යටතේ යමෙකුට වයස අවුරුදු 18 සම්පුර්ණ වුවද ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අදාළ වර්ෂයේ ඡන්දහිමි නාමලේඛනය අනුමත වනතුරු සිටිය යුතුය. ඒ අනුව ඇතැමුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා වයස අවුරුදු 18 සම්පුර්ණ වී වසරක පමණ කාලයක් බලාසිටීමට සිදුවන බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

2019 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීම සදහා ඡන්ද දායකයන්ගේ තොරතුරු ලබාගැනීම දැන් සිදු කෙරේ. ගෘහමුලික ලැයිස්තු නිවෙස්වලට බෙදා හැරීම පසුගිය බදාදා ආරම්භ කෙරිණ. එම පත්‍රිකා නැවත භාරගැනීම ලබන මස 02 වැනිදායින් පසුව ඇරඹෙන අතර 2019 ඡන්දහිමි නාමලේඛනය සහතික කිරීම ඔක්තෝබර් 31 වැනිදා සිදුකිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *