නේපාලයේ ලුම්බිණි පුදබිම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් හා සාම කේන්ද්‍රයක් ලෙස වැඩිදියුණු කෙරේ

Share Button

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ නේපාලයේ ලුම්බිණි පුදබිම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් සහ සාම කේන්ද්‍රයක් ලෙස දියුණු කරන බව නේපාල ජනාධිපති බින්ද්‍යා දේවි බණ්ඩාරි මහත්මිය සහ අගමැති ඒ.පි . ෂර්මා ඔලි මහතා ප්‍රතිඥා දෙති.

2563 වැනි බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ලුම්බිණියේ පැවති උත්සවයකදී ඔව්හු මේ බව ප්‍රකාශ කළහ. ලුම්බිණිය බුද්ධ ධර්මය ලෝක ප්‍රජාවට ප්‍රචලිත කරන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපතිවරිය පැවසුවාය සමෘද්ධිය සදහා වන මාවතෙහි අරමුණ සපුරා ගත හැක්කේ සාමයෙනි.

එහෙයින් ලුම්බිණිය පුදබිමක් වශයෙන් පමණක් නොව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉදිරි දැක්ම පිළිබඳ ලෝකයට මගපෙන්වන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කළයුතු බව ඇය කිවාය.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වු ලුම්බිණි පුදබිම ආශ්‍රිත කටයුතු සදහා ලෝක බෞද්ධ ප්‍රජාවගේ සහාය ලබාගන්නා බව නේපාල අග්‍රාමාත්‍යවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *