ඉන්දීය මහ මැතිවරණයේදී පාලක භාරතීය ජනතා පක්ෂයේ සන්ධානය ඉදිරියෙන්

Share Button

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම දැන් සිදු වෙයි. මේ වනවිට බොහෝ ප්‍රදේශවලින් පාලක භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තාවේ. වරනාසි ප්‍රදේශය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ජන්ම භුමියයි. එහිදී මෝදි මහතා ඡන්ද විසිදහසකින් පමණ ඉදිරියෙන් සිටියේය. ඔරිස්සා සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල දිද භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටී. නැගෙනහිර දිල්ලිය වෙනුවෙන් තරග වදින හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර් ඉදිරියෙන්ම සිටින බව වාර්තාවෙයි. ඔහු මැතිවරණය ආසන්නයේම භාරතීය ජනතා පක්ෂය හා එක්විය. බොලිවුඩ් නඵවෙකු වන සනී ඩියෝල් පන්ජාබ් ප්‍රාන්තයේ ආසනයක් වෙනුවෙන් තරග වදී. මෙම මැතිවරණය සදහා ප්‍රධාන පක්ෂවලට අමතරව තවත් සුඵ පක්ෂ 700 කට ආසන්න සංඛ්‍යාවක් තරග වැද සිටී. ලෝක් සභාවේ ආසන 543 ක් වෙනුවෙන් අටදහසක් පමණ තරග වැදී සිටිති. මේ වනවිට නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයේ සන්ධානය ආසන 315 ක් දිනාගෙන ඇතැයි වාර්තාවේ.. ඉන්දීය කොංග්‍රස් සන්ධානය ලබා ඇති ආසන සංඛ්‍යාව 85 කි. වෙනත් සුඵ පක්ෂ ආසන 133 ක් දිනා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *