ඉන්දිය අගමැතිවරයා දිවුරුම්දීම මේ මස අගදී

Share Button

ඉන්දිය මහ මැතිවරණයෙන් ජයගත් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතිය ජනතා පක්ෂයේ සන්ධානය අද විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන ඊට සන්ධානයේ සියලු පක්ෂ නායකයෝ එක්වෙති. ඒ අතරම අලුතින් තේරි පත්වු මන්ත්‍රිවරු ද සහභාගි වෙති. මෝදි මහතා එය ඇමතීමට ද නියමිතයි. මෙම රැස්වීමේදී යලිත්වරක් සිය නායකයා ලෙස හිටපු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පත්කර ගැනීමට නියමිතයි. මේ අතර.

ඉන්දිය අගමැතිවරයා තම ඉල්ලා අස්වීම ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතාට භාරදී තිබේ. මෝදි මහතා යලිත් අගමැති ධුරයේ දිවුරුම්දීම ලබන 28 වැනිදා හෝ 30 වැනිදා සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ. නරේන්ද්‍ර මෝදි මහතා ඉතා ඉක්මනින්ම තමන් ජයග්‍රහණයට පත් වරනාසි ප්‍රදේශයේ සංචාරයකට එක්වනු ඇතැයි ද සදහන් වෙයි. මෙවර ද අගමැති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට සාක් කලාපයේ රටවල නායකයින්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වුවත් ඒ සදහා ඇත්තේ ඉතා කෙටි කාලයක් බව හදුනාගෙන තිබේ. මේ නිසා එය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයේ පවති. ඊයේ දිනයේදී මෝදි මහතා ඉකුත් වසර පහේදී තමන්ට සහයෝගය දුන් අගමැති කාර්යාලයේ සේවක-සේවිකාවන් හමුවී ස්තුතිය පළ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *