නිති විරෝධි අන්දමින් රටින් පිටව යාමට උත්සාහ කළ 41 දෙනෙකු නාවික හමුදා භාරයට

Share Button

නිති විරෝධි අන්දමින් රටින් පිටව යාමට උත්සාහ කළ 41 දෙනෙකු තම භාරයට ගත් බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා අලුයම දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 715 ක් දුරින් යාත්‍රා කරමින් තිබු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම පිරිස හමු වී ඇත පිරිමි 15 දෙනෙක් සහ කාන්තාවෝ 06 දෙනෙක් ඒ අතර වෙති. අවුරුදු 06 ත් 16 ත් අතර ළමයින් 07 දෙනෙකු ද එහි සිටි බවන නාවික හමුදාව පවසයි. ඔවුන් නිති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ බව සැක කෙරේ.
මේ අතර කේරල ගංජා කිලෝ 245 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු උතුරු මුහුදු ප්‍රදේශයේදි නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒවා නිති විරෝධි ලෙස රටතුළට ගෙනඒමට උත්සාහ දරා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *