2016 ට පෙර විශ්‍රාමගත් රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ

Share Button

2016 වසරට පෙර විශ්‍රාමගත් රාජ්‍ය සේවකයන්ටද අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය හදුන්වා දෙන බව ජාතික රක්‍ෂණ භාර අරමුදලේ විධායක අධ්‍යක්‍ෂ සනත් ජී ද සිල්වා මහතා කියයි. මහ භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
හඩපටය ඃ
2016 ට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන් තුන්ලක්‍ෂ පනස් දහසකට ඒ අනුව අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවන බවද විධායක අධ්‍යක්‍ෂවරයා පැවසීය. ඔවුන් බහුතරයක් වියපත් වුවන් බැවින් ඔවුන්ට රෝහල් ගාස්තුවලට අමතරව නිවසේ සිට සිදුකරන ප්‍රතිකාර සදහාද රක්‍ෂණ ආවරණයක් ලබාදීමට ජාතික රක්‍ෂණ භාර අරමුදල ක්‍රියාකර තිබේ. මාසිකව රුපියල් 300 ක මුදලක් ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙන් අයකර ගැනෙනු ඇත. එහෙත් අරමුදලට මාසිකව එක් විශ්‍රාමිකයෙකු වෙනුවෙන් රුපියල් 800 ක මුදලක් වැය වන බව විධායක අධ්‍යක්‍ෂවරයා පැවසීය. එම පරතරය පියවා ගැනීමට රුපියල් කෝටි 65 ක මුදලක් ලබාදීමට රජය ඉදිරිපත්ව සිටී. ඊට අදාළ ඇමති මණ්ඩල සංදේශය ලගදීම ඉදිරිපත් කෙරේ. 2016 ට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන්ද අග්‍රහාර රක්‍ෂණයට දායක කරගැනීම පිළිබඳව විශ්‍රාමික සංගම් සමග සාකච්ඡා කර පොදු තීරණයකට එළඹ තිබේ. මේ වසර අවසන්වීමට පෙර ඔවුන් සියඵ දෙනා රක්‍ෂ ක්‍රමයට දායක කරගනු ඇත. 2016 ට පසුව විශ්‍රාම ලැබු රාජ්‍ය සේවකයන් දැනටමත් අග්‍රහාර රක්‍ෂණ ක්‍රමයට දායක කරගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *