පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව හෙට රැස්වෙයි

Share Button

අප්‍රේල් 21 වැනිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට පෙරවරු 08.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වෙයි.

මෙය එහි ප්‍රථම රැස්වීමයි. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රථම වරට මෙවැනි සභාවක කටයුතු මාධ්‍යයට ද විවෘත වීමයි. මෙම විශේෂ කාරකසභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ක්‍රියා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවට ද තොරතුරු ඉදිරිපත් කල හැක. ලිඛිත නියෝජන කාරක සභාවේ ලේකම්වරයා වෙත ලබන මස 07 වැනි දින හෝ ඊට පෙර ලබාදිය යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *