පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට විමර්ශන කණ්ඩායමක්

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන විමර්ශනවලට සහාය දැක්වීම සදහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ දෙදෙනෙකු දැන් මෙරටට පැමිණ ඇතැයි ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කරයි.

ඉන්දීය පොලිස්පතිවරයෙකු සහ තවත් අයෙක් ඊට ඇතුලත් වෙති. ත්‍රස්ත කල්ලිය සම්බන්ධයෙන් ඉන්දියාව සතු තොරතුරු ශ්‍රී ලංකාවට දැනුම් දීමටත් ශ්‍රී ලංකාවේ ඇති විමර්ශනවලදී හෙලි වී ඇති තොරතුරු ඉන්දියාවට වැදගත් නම් ඒවා ලබාගැනමටත් ඔව්හු බලාපොරොත්තුවෙති.

කේරලයේ 21 දෙනෙකු අයි. එස්. සංවිධානය හා එක්වීමට ඇෆ්ගනිස්තානය බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වී ඇත.

ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වු ඉන්දීය රහස් තොරතුරු අංශ අනාවරණය කරගෙන ඇත්තේ එම ඉන්දීය ත්‍රස්ත කණ්ඩායමට නායකත්වයදුන් අෂ්ටෆාක් මජීඩ් ඇෆ්ගනිස්තානයට පිටත්විමට පෙර ඉන්දියාවට අසල්වැසි රටකට පැමිණ ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11