පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඇරඹෙයි

Share Button

අප්‍රේල් 21 වැනිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විදේශගතවී ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා එහි කටයුතු ආරම්භ කළේය.

ඇමති රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු විදේශගතවී ඇති බැවින් අද දින කාරක සභාවට සහභාගී නොවුහ.

ආරම්භයේදීම කාරක සභාව පත්කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු යෝජනාව ඉදිරිපත් කෙරුණි. කාරක සභාව ඉදිරියටත් ක්‍රියාත්මකයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *