ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ දිවුරුම් දීම අද

Share Button

පසුගිය මහ මැතිවරණයෙන් ජයගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ අද දිවුරුම් දෙයි. ඉන්දියානු ජනාධිපති රාම්නාත් ගෝවීන්ද් මහතා ඉදිරියේ අගමැතිවරයා සහ මධ්‍යම රජයේ නව ඇමතිවරු දිව්රුම් දෙති. දිවුරුම්දීමේ උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7 ට රාශ්ටපතිභවන් දිහී සිදුවේ. මෙම අවස්ථාවට බිම්ස්ටෙක් සංවිධානයේ රටවල නායකයෝ ඇතුඵ විශාල පිරිසක් සහභාගී වෙති. බංග්ලාදේශ. භූතාන. මියන්මාර. තායිලන්තය වැනි රටවල රාජ්‍ය නායකයින්ද තම සහභාගීත්වය තහවුරු කර ඇතැයි ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙම අවස්ථාවට සහබාගී වන බව අමාත්‍යාංශ ප්‍රකාශකයකු සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *