පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිතුමාව කලින් දැනුවත් කර නොතිබු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

Share Button

පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවු බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය වසරකට අධික කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ සිදු කෙරුනු සාකච්ඡා නිල නොවන ලෙස මාධ්‍යවල පළවිම හේතුවෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයට වෙනස් ව්‍යුහයකින් යුත් ජාතික ආරක්ෂක කමිටුවක් පිහිටවු බව එම නිවේදනයේ සදහන් වෙයි. එම ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලයේ සති දෙකකට වරක් රැස්වී තිබේ.

ඇතැම් අවස්ථාවල ජනාධිපතිතුමා සතියකට වරක් ද එහි රැස්වීම් කැදවා ඇත. පසුගිය අප්‍රේල් 08 වැනිදා පොලිස්පතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ රැස්වීමක් ජනාධිපතිතුමා කැදවා තිබින. පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවේදී ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබි ඇතැයි කිසිදු නිලධාරියෙකු ජනාධිපතිතුමාට දැනුම් නොදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය පිළිබඳව මිත්‍ර රටකින් ලබාදී තිබු කිසිදු තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියෙකු ජනාධිපතිතුමා දැනුවත් කර නැත.

එම නිසා එම සිද්ධිය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කර තිබු බවට පළවන දෙස් විදෙස් මාධ්‍ය වාර්තා මුඵමනින්ම අසත්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දැනුම් දෙන බව එම නිවේදනයේ සදහන් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *