ත්‍රස්තවාදි ක්‍රියා යළි රට තුල ඇති නොවීමට පවතින ක්‍රමවේද ප්‍රතිව්‍යුහගත කරමින් ජනතාව සමග සංහිඳියාවෙන් ඉදිරියට යායුතු බව අග්‍රාමාත්‍යවරයා පවසයි

Share Button

රටේ ආරක්ෂක අංශ ඉතා කෙටි කලක් තුළ ත්‍රස්තවාදය මර්දනය කර තිබෙන අවස්ථාවක ඇතැම් පාර්ශ්ව කට කතා පතුරුවමින් ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමේ උත්සහයක නිරතව සිටින බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි. 1983 සිදුවු වරද නැවත සිදු නොකළ යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පවුල් ලක්ෂ හයක් සදහා සමෘද්ධි හිමිකම ලබාදීමේ ජාතික උත්සවයට අම්පාරේ දී ඊයේ එක්වෙමිනි. මේ වන විට ශ්‍රි ලංකාව තුල අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය සහ සහරාන්ගේ ජාතික තව්හිත් ජමාත් කල්ලිය මුඑමනින්ම තුරන් කර තිබෙන බව අගමැතිවරයා කීවේය. මෙම ත්‍රස්තවාදි ක්‍රියා යළි මෙරට තුල ඇති නොවන ආකාරයට කටයුතු කිරිම සඳහා පවතින ක්‍රමවේද ප්‍රතිව්‍යුහගත කරමින් ජනතාව සමග සංහිඳියාවෙන් ඉදිරියට යායුතු බව වික්‍රමසිංහ මහතා පැවසීය.

සමාජ සවිබල ගැන්වීමේ හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මෙම උත්සවය සංවිධාන කර තිබුනි. අම්පාර නගරයේ ආර්ථික මධස්ථානය හා මහජන පොල නවීකරණය කිරිම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ද අගමැතිවරයා සහභාගි විය.
පවුල් හයලක්ෂයකට අලුතින් සමෘද්ධිය ලබාදීමේ වැඩසටහන ලබන මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ. අද පෙරවරු 10.00 ට මහනුවර ගැටඹේදීත් පස්වරු 2.00 ට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේදීත් ජනතාවට සමෘද්ධි හිමිකම් ලබාදීම සිදු වෙයි. මෙවර අයවැය යෝජනා අනුව දිවයින පුරා තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් හයලක්ෂයක් සදහා අලුතින් සමෘද්ධි හිමිකම ලබාදීමට රජය වැය කරන මුදල රුපියල් මිලියන දස දහසකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *