ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු හා ණය පහසුකම් අනුපාතිකය අඩු කරයි

Share Button

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7 යි දශම 5 යි බිංදුව දක්වා සහ 8 යි දශම 5 යි බිංදුව දක්වා පදනම් අංක 50 කින් අඩු කෙරේ.

ඊයේ රැස්වු මහබැංකුවේ මුල්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. මෙම තීරණයට එලඹ ඇත්තේ දේශිය ආර්ථිකයේ සහ දේශිය මුදල් වෙළෙඳපොලෙහි මෙන්ම ජාත්‍යන්තර ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් මනා ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසුව බව මහ බැංකුව කියයි.

මෙහි අරමුණ වන්නේ ආර්ථිකයේ වර්ධන හැකියාව කරා ලගාවීමට හැකිවන පරිදි මැදි කාලීන වශයෙන් උද්ධමනය මැදි තනි අංකයක ස්ථායි ලෙස පවත්වා ගැනීමයි. ජගත් ආර්ථික වර්ධනයේ අඩුවීමක් නිරීක්ෂණය වෙයි.

ඊට දායකවී ඇති සාධක වන්නේ වෙළෙඳ ක්‍ෂේත්‍රයේ නොසන්සුන්තාවයන් වැඩිවීම. ව්‍යාපාරික විශ්වාසය දුර්වලවීම,විදේශ ඉල්ලුම අඩුවීමයි. මේ වසරේ මුල් කාර්තුවේදී ආර්ථිකයේ ඉහල මට්ටමේ වර්ධනයක් අපේක්ෂා කළද පාස්කු ඉරිදා ප්‍රහාරවලින් ඇතිවු කරුණු අනුව එම මට්ටමේ වර්ධනයක් අත්කරගත නොහැකි වනු ඇතැයි බවද මහ බැංකුව පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *