පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සෙවීමට තේරීම් කාරක සභාවක් පත්කිරීම මගින් රජයේ විනිවිදභාවය පෙන්නුම් කරන බව විජයපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා කියයි.

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමෙන් රජයේ විනිවිද භාවය මනාව පිළිබිඹු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජයපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

එය මාධ්‍යයට විවෘත කිරීම ද සැබැවින්ම අගය කළ යුත්තකි. ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු පැවසුවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දහා රටක් ජාතියක් ලෙස එක්වීමට දැන් කාලය එලඹ ඇති බවයි.

ඒ සදහා පටු දේශපාලන අරමුණු පසෙකලා සියලු දේශපාලන පක්ෂ එක්වීම අත්‍යවශ්‍ය වෙයි. එහිදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පුජකවරුන්ට ද විශාල වගකීමක් පැවරෙන බව මන්ත්‍රිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *