ඉන්දිය නව ඇමති මණ්ඩලයේ පලමු රැස්වීම අද පස්වරුවේ

Share Button

ඉන්දිය නව ඇමති මණ්ඩලය ප්‍රථමවරට අද පස්වරුවේ රැස්වෙයි. සාමාජිකයන් 57 දෙනෙකුගෙන් සමන්විත නව ඇමති මණ්ඩලය ඊයේ දිවුරුම් දුන්හ.

කැබිනට් ඇමතිවරු 24 දෙනෙක් හා රාජ්‍ය ඇමතිවරු 33 දෙනෙක් ඊට ඇතුලත් වෙති. නව සාමාජිකයන් රැසක් මෙවර ඇමති මණ්ඩලයට ඇතුලත්වීම විශේෂත්වයකි.

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ 16 වැනි අගමැතිවරයා ලෙස ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නේය. ලෝක නායකයෝ දේශපාලන නියෝජිතයෝ ඇතුඵ අටදහසක පමණ පිරිසක් දිවුරුම් දීමේ උත්සවයට එක්ව සිටියහ. එයට සහභාගිවු ලෝක නායකයන් සමග ඉන්දිය අගමැතිවරයා අද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *