ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථාන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර තරගය අද

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථාන කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම අතර තරගය නොටින්හැම් හිදී අද පැවැත්වේ. එය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයයි. ආබාධයකට ලක්ව සිටින පකිස්ථාන වේගපන්දු යවන ක්‍රිඩක මොහොමඩ් අමිර් අද තරගයට ක්‍රිඩා කරන බව පකිස්ථාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් පැවසීය. ඔහුට පසුගිය එක්දින ජාත්‍යන්තර තරග හතරකට ක්‍රිඩා කිරීමට නොහැකි විය. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් පාලනය කිරීම තම කණ්ඩායමේ ප්‍රමුඛ ඉලක්කය බව පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00 ට තරගය ඇරඹේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *